සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම

සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී බැංකුව වන කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී (Commercial Bank of Ceylon PLC) හි පුර්ණ හිමිකාරිත්වය දරන සමාගමක් වන අතර එය අඛණ්ඩව වසර 10ක් පුරා ලොව හොඳම බැංකු 1000ක ලැයිස්තුවේ ශ්‍රේණිගත කිරීම තුලින් රටට ගෞරවයක් ගෙනෙන ලද බැංකුවයි.
කලින් සීමාසහිත සෙරන්ඩිබ් ෆිනෑන්ස් සමාගම ලෙස හැඳින්වුණ සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී විසින් 2014 දී අත්පත් කර ගන්නා ලදී. මෙම සමාගම 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව 1987 දී ඉන්ද්‍රා ෆිනෑන්ස් ලිමිටඩ් ලෙස ආරම්භ කරන ලදී.
දිවයින පුරා ශාඛා 16 ක් මගින් සමාගම පුද්ගල හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් පරාසයක මූල්‍ය සේවාවක් විශිෂ්ට හා පුද්ගලාරෝපිත ලෙස ලබා දෙයි.

about-cbc
vision-mission-img

දැක්ම

ජනතාවගේ විශ්වාසයෙන් සවිමත්වූ මූල්‍ය ආයතනයක් බවට පත්වීම.

මෙහෙවර

නියාමනයට යටත් වෙළඳපොළක් තුළ වර්ධනය සහ ස්ථාවරත්වය.