ස්ථාවර තැන්පතු

ඔබ ආයෝජනය කල ප්‍රාග්ධනයට සහතික වූ ප්‍රතිලාභයක් සමඟ ඔබේ ඉතුරුම් ගොඩනගා ගැනීමට ක්‍රමයක් සොයන්නේ නම්, ප්‍රමාණය හා තැන්පතු කාල සීමාව අනුව අපි ආකර්ෂණිය පොලි අනුපාත යටතේ ස්ථාවර තැන්පතු ලබා දෙන්නෙමු.

අත්‍යවශ්‍ය දේ

  • ඔබේ අභිමතය පරිදි සැලැස්මක් තෝරා මාසිකව, කාර්තුමය, ද්විවාර්ෂික, වාර්ෂිකව හෝ කල්පිරීමේදී පොලී ලබා ගැනිම.
  • මුදල් අත්තිකාරමක් ලෙස තැන්පතුවෙන් 90% ක් දක්වා ලබා ගැනීම.
  • ඔබේ අරමුදල් සඳහා ඉහළ පොලී අනුපාතයක් උපයා ගැනීමට හොඳම ක්‍රමය වීම.

ස්ථාවර තැන්පතුවක ප්‍රතිලාභ

ඔබට ඉහළ පොලී අනුපාතයක් උපයා ගත හැකිය. ප්‍රාග්ධනයට එකතු කරන ලද පොළිය සමග කල් පිරෙන විට ඔබේ තැන්පතුව අලුත් කරන ලෙස හෝ ප්‍රාග්ධනය පමණක් අලුත් කරන ලෙස ඔබට සමාගමෙන් ඉල්ලා සිටිය හැකිය.

මුදල් අත්තිකාරම්

ඔබේ ස්ථාවර තැන්පතුවෙන් 90% දක්වා මුදල් අත්තිකාරමක් ඔබට ලබා ගත හැකිය.
මෙම විශේෂ පහසුකම පිරිනමනු ලබන්නේ රු.100,00/= හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු සඳහා සහ වසර 1 කට වැඩි තැන්පතු කාලයක් ඇති තැන්පතු සඳහා වේ.
ස්ථාවර තැන්පතුවල පොලී අනුපාතය තැන්පතු කල් පිරීම තෙක් නොවෙනස්ව පවතී.

පොලී ගෙවීම

ඔබ වසර 01 සිට වසර 05 දක්වා ස්ථාවර තැන්පතුවක් තැබූ විට ඔබට මාසිකව හෝ කල්පිරීමේ දී පොලිය උපයා ගත හැකිය.
ඔබ මාස 1 සිට මාස 6 දක්වා ස්ථාවර තැන්පතුවක් තැබුවහොත් පොලිය උපයා ගත හැකි වන්නේ කල්පිරීමෙන් පසුව පමණි.
වසර 02 සිට වසර 05 දක්වා ස්ථාවර තැන්පතු සඳහා පොලිය මාසිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේ දී උපයා ගත හැකි ය.

ස්ථාවර තැන්පතුවක් තැබීම

ඔබ කැමති ශාඛාවකට ගොස් ශාඛාවේ නිලධාරියෙකු සමග ඔබේ අවශ්‍යතාවය සාකච්ඡා කළ හැකිය. ඔබ බාගත කරගත් අයදුම්පත නියමිත පරිදි පුරවා එකී ආකෘති පත්‍රය ඹ්නෑම සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගමේ ශාඛාවකට ඉදිරිපත් කල හැකි ය.

ස්ථාවර තැන්පත් සඳහා අදාළ වන පොලී අනුපාත පහත සබැඳියෙන් දැකගත හැකිය.
කරුණාකර පහත දැක්වෙන සබැඳියෙන් බාගත කරන ලද අයදුම්පත පුරවා අදාළ ශාඛාවට බාර දෙන්න. ඔබගේ ජාතික හැඳුනුම්පත ගෙන යාමට මතක තබා ගන්න. ඔබව හඳුනා ගැනීමට අපට මෙය අත්‍යවශ්‍ය වේ. 

ආපසු ගැනීම

මුදල් ආපසු ගැනීම සඳහා අවසර දෙනු ලබන්නේ ස්ථාවර තැන්පතුවෙහි එකග වූ කාල සීමාවෙන් පසුව පමණි. මුල් ස්ථාවර තැන්පතු සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ කැමති බැංකු ගිණුමකට මුදල් තැන්පත් කරනු ලැබේ.
නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
ස්ථාවර තැන්පතු නියමයන් සහ කොන්දේසි වරින් වර වෙනස් වේ. එබැවින් නවතම තොරතුරු සහ පවත්නා නියමයන් සහ කොන්දේසි සඳහා ඔබ ළඟම ඇති ශාඛාව හා සම්බන්ධ වීම ඉතා සුදුසුය.

අයදුම්පත්

නියමයන් සහ කොන්දේසි

  1. ස්ථාවර තැන්පතු සහතිකය සමාගමට භාර දී නිසි පරිදි මුදා හරින තුරු ස්ථාවර තැන්පතුවේ මුදල් නිදහස් නොකරන බව කරුණාවෙන් සලකන්න.
  2. තැන්පතුව කල් පිරෙන දිනට අවම වශයෙන් දින 7 කට පෙර සමාගමට ඔබ ලිඛිතව උපදෙස් නොදුන්නේ නම් මුල් තැන්පතුවට සමාන කාලයක් සඳහා ස්ථාවර තැන්පතුව අලුත් කිරීමේ අභිමතය සමාගම සතුව ඇත.
  3. ස්ථාවර තැන්පතුවල සියලුම අලුත් කිරීම් එම අවස්ථාවේ දී බලාත්මක පොලී අනුපාතයට යටත් වේ.
  4. තැන්පතුව ඒකාබද්ධ නම්වලින් පවතින්නේ නම්, කිසියම් ඒකාබද්ධ තැන්පත්කරුවෙකු මිය ගියේ නම්, තැන්පතුව සහ උපචිත පොලිය ඇත්නම්, බලාත්මක වන ව්‍යවස්ථාවට යටත්ව අනෙක් තැනැත්තාට හෝ තැනැත්තන්ට ගෙවනු ලැබේ.
  5. ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන මුදල් තැන්පතුව කල්පිරීමට පෙර නිදහස් කිරීමට සමාගම බැඳී නොසිටි යි.
  6. කල්පිරීමට පෙර ස්ථාවර තැන්පතුවක් අවසන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අඩු පොලී අනුපාතයකට යටත්ව මුදල් ලබා ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා ශාඛා කළමණාකරු විමසන්න.

අපි ඔබට නැවත කතා කරන්නෙමු