සීබීසී ෆිනෑන්ස් හි ජීවිතය
අපි එක්ව අත්දැකීම් නිර්මාණය කරමු
අප සමග එකතුවන්න
සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගමෙහි අපි, නිර්මාණශීලීත්වය, නවෝත්පාදන. තාක්ෂණය සහ යහපත් ආයතනික පාලනය ඒකාබද්ධ කරන අද්විතීය ආයතනයක් නිර්මාණය කිරීමට විශ්වාසය තබා සිටින්නෙමු.
ජීවන තත්ත්වයෙහි සියලුම වටපිටාවන් වැඩි දියුණු කිරීම සඳහා සියලුම පුද්ගලයින්ට ගෞරවයෙන් සලකන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.
අපගේ සාමාජිකයින්ගේ වර්ධනයෙහි සහ සාර්ථකත්වයෙහි රහස එයයි.
සීබීසී ෆිනෑන්ස් සමාගම සමඟ සේවය කිරීමට ප්‍රධාන හේතු.
ඔබගේ විශිෂ්ඨත්වය සඳහා මිත්‍රශීලී, ප්රභෝධාත්මක, විනෝදජනක, නව්‍ය හා වේගවත් පරිසරයක් ලබා දීම අපගේ කාර්යයි. ඔබ දිනපතා අපේක්ෂා කළ හැකි දේ මෙයයි.
සතුට
අපි ඔබේ දක්ෂතාවය පෝෂණය කර ඔබ ගැන සැළකිලිමත් වන බවට වග බලා ගන්නෙමු.
වර්ධනය
ඔබේ සීමාවන් පුළුල් කිරීමට සහ ඔබ අවට සිටින සියල්ලන්ගෙන් ඉගෙන ගැනීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු.
ඉගෙනුම
අපි නිරන්තරයෙන් අපගේ කුසලතා වර්ධනය කරමින් දිනපතා නව්‍ය දෑ ලබාදීමට අරමුණු කරගෙන සිටිමු.
රැකියා දිවියේ සමබරතාවය
රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාවයක් ඇති කරවීමට අපි සහතික වෙමු.
සමානාත්මතාවය
සාර්ථක වීමට සමාන අවස්ථාවක් ලබා ගැනීම සඳහා අපේ කණ්ඩායමට සැවොම සාදරයෙන් පිළිගනිමු.
අපි අපේ කණ්ඩායමට ආදරෙයි.
අපේ කණ්ඩායම සෑම දිනකම අපව මවිතයට පත් කරයි. සැමවිටම ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ගේ උපරිමය ලබා දීමට උදව් කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන්නෙමු.
සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම සමඟ මගේ ගමන ආරම්භ වුයේ ගණකාධිකාරිවරයෙකු ලෙස මීට වසර 12කට පෙරය. වසර ගණනාවක් පුරා මගේ නායකයින් අපගේ සමාගම කෙරෙහි දැක්වූ ඇල්ම කෙරෙහි මා ඇදී ගියෙමි. මෙහෙයුම් වැඩි දියුණු කිරීම, ශක්තිමත් කණ්ඩායම් ගොඩනැගීම සහ සුවිශේෂී සේවාවක් සැපයීම සඳහා ඔවුන් දැරූ උත්සාහය තුල මේ බව දක්නට ලැබුණි.
සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම සමඟ සම්බන්ධවී එහි ජවය සහ ශක්තිය අත්විදීම මා ප්‍රභෝධමත් කරයි. අප කරන දේට අප ඇලුම් කරන අතර, අපගේ කණ්ඩායම තුළ අප අතර ඇති ශක්තිමත් සම්බන්ධතාවය පෙන්නුම් කරන අපගේ වෙළඳ නාමය උපරිම ලෙස ජීවත් කරවන්නෙමු. එය අපට ප්‍රසන්න සේවා පරිසරයක් ලබා දෙන බැවින් වැඩ කිරීමට සුදුසු ස්ථානයකි. මෙකී සුවිශේෂී නායකත්වය සහසම්බන්ධ සංස්කෘතික අඩිතාලමකි.
සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගම ආරම්භ කරන ලද්දේ ශක්තිමක් සංස්කෘතියක සහ සාරධර්ම මත වන අතර, එය අද්විතීය වේ. මෙම සාරධර්ම අන් අය සවිබල ගැන්වීමට සහ නව්‍යකරණය හා වෙනස් කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේය. මාගේ මෙහි වසර දෙකක සේවා කාලය තුළ මෙකී වටිනාකම් අනුව ජීවත් වීමටත්, විවිධ කණ්ඩායම් සමඟ වැඩ කිරීමටත්, ඔවුන්ගේ ඉහළම හැකියාවන් ළඟා කර ගැනීමටත් මට අවස්ථාව ලැබුණි.
ඔබගේ අයදුම්පත වෙත යොමු කිරීමට අප ඔබට සාදරයෙන් ආරාධනා කරන්නෙමු.
careers@cbcfinance.lk
වත්මන් රැකියා අවස්ථා
අපි සැමවිටම දක්ෂතා සොයමින් සිටින අතර අයැදුම්පත් කැඳවා නොමැති තනතුරක් සඳහා අයදුම්පතක් අප වෙත එවීමට ඔබට අවස්ථාව ලබා දීමට කැමැත්තෙමු.
කරුණාකර ඔබගේ අයදුම්පත
careers@cbcfinance.lk